ඩෝරා කෙතරම් අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටියද ඇගේ ඇස්වල ඇති සරාගී බව දැඩිව ඉස්මතු වේ. ලියෝ ඇයගේ ඇස් දෙසත්, කැරලි කොන්ඩය දෙසත් වේදනාව මැදින් මඳ වේලාවක් බලා සිටියේය. මොහොතකින් ඔවුනොවුන් කොටු පවුර මත ගෙවුණු ඒ සොඳුරු මොහොතට දෙදෙනාගේම මතකයන් ගෙන ගියේය.
මොරියෝව සිසාරා හමා ආ ඒ සීතල සුළඟේ ලෙළදුණු කෙහෙරැලි ඇගේ මුව මත දඟ කළ ආකාරය ලියෝට සිහි විය. සිදුවන්නට යන දේ සිතාගත නොහැකිව සිටි ලියෝ සියලු භීතිය මඳකට අතහැර දමා සිසිල් සුළඟට ඒ මේ අත දඟ කළ ඩෝරාගේ කෙහෙරැලි හිසේ පිටුපසට සිටින සේ ඇඟිලි තුඩුවලින් ගොනුකර තැබුවේය. ඉන්පසු දෑතින්ම ඇගේ දෙකම්මුල් අල්ලා ඔහු වෙතට ළං කරගත් ඒ උණුසුම ඩෝරාටද සිහි විය. රජ බිසවකගේ දෙතොල් කුළුඳුලේ සිප ගැනීමට තරම් ඈත කූනීස් දේශයේ වෙළද පවුලක කඩවසම් පුතෙකුට හැකි වීම පුදුමයකි. කෙසේ වෙතත් ඩෝරා ඔහුව විශේෂ කර සැලකීමට හේතුව ලියෝටද තවමත් අබිරහසකි.
Packaging & Delivery
| Width | - cm |
|---|---|
| Length | - cm |
| Height | - cm |
| Weight | - kg |
All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.
BookBazaar
එරංග කපුකොටුව - Eranga Kapukotuwa
No reviews yet