විරහ ගීතවලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminemගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට. කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට. වෙනස් විධියට හිතන, ගුහා චින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලෙ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව' එක්ක වැඩ කරන්න! එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව' එක්ක ආවේගශීලීව වැඩ කරන්න!
‛මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.”
Packaging & Delivery
| Width | - cm |
|---|---|
| Length | - cm |
| Height | - cm |
| Weight | 1.0 kg |
All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.
| Name | Business Pissuwa | බිස්නස් පිස්සුව | Business Madness |
|---|---|
| English Translation | If you listen to an Eminem rap among a crowd that enjoys love songs, people will see it as madness. If you order tea among a group that swears by coffee, people will look at you like you’re insane. The world has always interpreted those who think differently, who step outside conventional thinking, as oddities. But it’s precisely these “crazy” people, those who think differently, who have changed the world and transformed their lives beyond the ordinary mold. That’s all I want to say. If you’ve finished your final school exams and, instead of aimlessly sending your CV to some random job, you’re thinking anew, if you’re not just sticking to the comfortable job you’re already doing but are planning to go the extra mile in life, if you’re considering taking a risk to build something of your own, even on a small scale, then first, don’t expect praise from the world. Understand that we can’t change the perspective from which society views us. There will come a day when the world accepts you. There will come a moment when the world believes in what you do. Until then, keep working with your “business madness”. Keep working passionately with your “business madness” until you get there. Because madness isn’t the problem. Madness is the solution. It’s the solution that throws you out of the cave and guides you toward the stars in the sky. |
BookBazaar
Pramesh Wickramasinghe
Pramesh Wickramasinghe is a Sri Lankan business journalist, corporate trainer, motivational speaker, and author. He is best known for his work in personal development, leadership training, and delivering inspirational content through the Big Boss platform.
No reviews yet